
2011 මහ කන්නයේ වී අස්වනු මිලදි ගැනීම සඳහා රුපියල් මිලියන 2,200 ක් භාණ්ඩාගාරයෙන් මුදාහැරේ. වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 1,200 ක් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් මිලියන 1,000 ක් වශයෙන් මුදාහැර ඇති මෙම මුදලින් නාඩු වී කිලෝ 1 ක් රුපියල් 28 ක හා සම්බා වී කිලෝ 1 ක් රුපියල් 30 ක සහතික මිල ගණන් යටතේ දිවයින පුරා වී මිලදිගැනීම් සිදුකෙරෙනු ඇත. වී මිලදීගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදාහැර ඇති මෙම මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව ලංකා බැංකුව, වානිජ බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් සහතික මිල ගණන් යටතේ වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට ද කටයුතු යොදා ඇත.

ඉන්ධන මිල ගණන් ඉහළයාම ගැන සමාජය විවිධ මත පළ කරනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අපේ ආර්ථිකයට දරාගන්නට බැරිතරම් වර්ධනයවීම මේ ආකාරයට ඉන්ධන මිල ඉහළයෑමට බලපෑ හේතුව බව කිව යුතයි. පසුගිය කාලයේ රටේ සිදුවූ සංවර්ධන කටයුතුවල වේගවත් බව නිසා ඉන්ධන පරිභෝජනය ද වැඩිවුණා. පසුගිය කාලය පුරාම තෙල් අලෙවි කළේ විශාල සහනාධාරයක් ඇතිවයි. ඒ නිසා විදුලබල මණ්ඩලයේත්, ඛනිජ තෙල් සංස්ථාවේත් පාඩුව දිනෙන් දින ඉහළ ගියා.
විදුලිබල මණ්ඩලයට, ඛනිජතෙල් සංස්ථාව මෙතෙක් දැවිතෙල් සැපයුවේ ලීටරයක් රුපියල් 40 බැගිනි. එහි ඇත්ත මිල රුපියල් එකසිය දහයකි. ඒ නිසා තෙල් සංස්ථවේ පාඩුවෙන් වැඩි කොටසක් විදුලිබල මණ්ඩලය නිසා හටගත් බව පෙනේ. මෙරට පෞද්ගලික අංශය තමන්ගේ ලාභ පරිමාවන් ඉහළ දමා ගත්තේද සහන මිලට ඉන්ධන ලබා ගැනීමෙනි. රටේ පොදු ජනතාව අඩු උද්ධමන වේගයක් භුක්ති වින්දේ ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබමින් අඩු මිලට තෙල් අලෙවි කළ නිසයි.
දේශීය වෙළඳපොලේ ඉන්ධන වියදම හා විදුලි ගාස්තු සංශෝධනය කිරීම තුළ එම වියදම් කළමනාකරණය කරමින් රජයේ ආයතන සියල්ල විදුලිය හා ඉන්ධන පාරිභෝජනය අරපිරිමැස්මෙන් කිරීමට මූලිකත්වය දීම ජාතික වගකීමක් වන බවත් මෙම මිල ගණන් වැඩිකිරීම තුළින් ඉන්ධන හා විදුලි පාවිච්චිය සඳහා වාර්ෂිකව වැය වන තෙල් ආනයනය සඳහා වූ විදේශ විනිමය ඉතුරු කර ගැනීමත් රජය විසින් අරමුණු කර ඇත.එසේම විකල්ප බලශක්ති මාර්ග සඳහා වැඩි අවධානයක් යොමු කරමින් දේශීයව මෙම පහසුකම් වැඩිදියුණු කර ගැනීමත් හා දිගුකාලීනව ඉන්ධන/විදුලිය කාර්යක්ෂම තාක්ෂණික ක්‍රම කෙරෙහි පාරිභෝජන හා නිෂ්පාදන අංශ යොමු කිරීමත් තවත් අරමුණක් වී ඇත.
2012 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර ඇති පෞරාණික ගොඩනැඟිලි, ලී බඩු සහ උපකරණ සංරක්ෂණය කර ගැනීමටත්, හම්බන්තෝට කච්චේරිය, යාපනය කොටුව ආශ්‍රිත පැරණි ගොඩනැඟිලි, කොළඹ තැපැල් මූලස්ථානය, රත්නපුර පැරණි කච්චේරිය, මුම්ටාස් මහල් ගොඩනැඟිල්ල වැනි පෞරාණික වටිනාකමකින් යුත් ස්ථාන සංරක්ෂණය කර ප්‍රාදේශීය කෞතුකාගාර වශයෙන් පවත්වාගෙන යාමට අදාලව උරුම අරුණ සංරක්ෂණ අරමුදල පිහිටුවීමටත් අදාල කටයුතු ඉටු කිරීමටත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මේවන විටත් සැළසුම් කර ඇති බව එහි ලේකම් කාන්ති විජේතුංග මහත්මිය ප්‍රකාශ කරන ලදී.
රාජ්‍ය සේවයෙහි සහ රාජ්‍ය ව්‍යවසායයන්හි සේවය කරන විධායක මට්ටමේ පරිපාලන, කළමනාකරණ නිලධාරීන් සහ වෘත්තීමය තනතුරු වල නිරත වන නිලධාරීන් සඳහා සහනදායි කොන්දේසි වලට යටත්ව මෝටර් රථ ආනයනය කිරීමට/ නව කොටස් සහ උපාංග යොදා දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථ මිලදී ගැනීමට බලපත්‍ර ලබා දීම සඳහා වූ 2010.12.10 දිනැති වෙළඳ, තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 1/2010 සංශෝධනය කර ඇත.
එමගින් මෙම සහනය ලබා ගත හැකි රාජ්‍ය සේවයෙහි සහ රාජ්‍ය ව්‍යවසායයන්හි සේවයෙහි නියුක්ත නිලධාරි කණ්ඩායම් පුළුල් වී ඇත. විශේෂයෙන්ම වෘත්තීමය තනතුරු දරන්නන්ට මීට පෙර තිබූ මට්ටමට වඩා අඩු සේවා කාලයකින් මෙම වරප්‍රසාදය ලබා ගැනීමේ හිමිකම ලබා දී ඇත. චක්‍රලේඛය
සංකල්පය - භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන්
ඉදිකිරීම නිර්මාණය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
මෙහි අක්කර භාගයකින් ලබාගත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 03ක් ප්‍රදර්ශනය අවසානයේ 2012.02.12 වැනි දින ප්‍රසිද්ධ වෙන්දේසියේදී වික්‍රණනු ලැබේ.
JPAGE_CURRENT_OF_TOTAL
ඉන්ධන / විදුලි වියදම් කළමනාකරණය - NBC-156-2012-2012.02.16
සහනදායි මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම-TTIPD/01(2)/2010-2012.02.13
අභ්‍යන්තර පාලන ව්‍යුහය ඇගයීම සම්බන්ධ මාර්ගෝපදේශය-DMA/06
2012 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය-NBC-155-2011.12.30
2011.12.31 දිනට හිග ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම-tod-2011-05-sin-2011.12.30
2011 වසර සඳහා මුදල් පොත පියවීම සහ අග්‍රිම ගිණුම් පියවීම
රාජ්‍ය සංස්ථා සහ සම්පූර්නයෙන් රජය සතු සමාගම් වල සේවකයින්ට 2011 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම-msd-47-2011.12.22
2012 අයවැය යෝජනා අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ව්‍යාපෘති කාර්ය මණ්ඩල දීමනා සංශෝධනය කිරීම-msd-46-2011.12.12
2012 වසර තුලදී රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත මාසික ගිණුම් සාරාංශ මගින් ගිණුම් දත්ත සම්ප්‍රේෂණය කිරීම
2012 අයවැය යෝජනා අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ව්‍යාපෘති කාර්ය මණ්ඩල දීමනා සංශෝධනය කිරීම.| No events |