• මහජන බැංකුවේ සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානයක් කුරුණෑගල දී විවෘත කෙරේ.
    මහජන බැංකුවේ සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානයක් කුරුණෑගල දී විවෘත කෙරේ.
  •  භාණ්ඩාගාර ‍ලේකම්තුමා ජනමාධ්‍ය නියෝජිතයින් අමතයි - 2012.04.30
    භාණ්ඩාගාර ‍ලේකම්තුමා ජනමාධ්‍ය නියෝජිතයින් අමතයි - 2012.04.30

මෙම වෙබ් අඩවියේ සිංහලෙන් ප්‍රසිද්ධ කරන ලද තොරතුරු පැහැදිළිව ලබා ගැනීමට නම්Unicode – Iskolapotha/malithi web fonts නිසියාකාරව ස්ථාපිත (Install)වී තිබිය යුතු බව කාරුණිකව සළකන්න.එමෙන්ම මෙම වෙබ් අඩවිය   පරිහරණය කිරීමේදීMozilla Firefox Browser භාවිතා කිරීම වඩාත් සුදුසුය.



ශ්‍රී ලංකා‍වේ අධ්‍යාපන හා නාගරික සංවර්ධන අංශයන්හි නව ප්‍රධාන ව්‍යාපෘති දෙකක් සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 37ක ආයෝජනයක්

Just Added

ශ්‍රී ලංකා‍වේ ආර්ථිකය මැදි ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වීමත්  සමඟ, 21 වන සියවසෙහි නව අභියෝග ජය ගැනීම සදහා අධ්‍යාපන සහ නාගරික සංවර්ධන අංශ වැඩිදියුණු  කිරීමෙහිලා රජය තවදුරටත් අවධානය යොමුකර ඇත. මෙහිදී, විදේශ සහායන් තුලින් ඉහත අංශයන්හි දැනටමත් දියත් කර ඇති සංවර්ධන වැඩ සටහන් කඩිනම් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට අනුව මෙම අංශයන් සංවර්ධනය කිරීමේ ඇති වැදගත්කම සහ අපේක්ෂිත දීර්ඝකාලීන ප්‍රතිලාභ කෙරේ සැලකිලිමත් වෙමින් ඇ එ ජ ඩො මිලියන 314 (රු. බිලියන 37) ක මුදලක් මෙම සංවර්ධන කාර්යයන් සඳහා ලබා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. තවදුරටත් කියවන්න ....

 

ආර්ථික සංවර්ධනය පිළිබඳව වු ජාතික සභාව (NCED) මගින් සංවිධානය කරනු ලබන උපදේශක සැසි වාර

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ හා භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ මුලිකත්වයෙන් ආර්ථික සංවර්ධනය පිළිබඳව වු ජාතික සභාව (NCED)විසින් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ පාර්ශවකරුවන් සමග පවත්වීමට නියමිත රැස්වීම් පහත දැක්වේ

නියමිත රැස්වීම් පහත දැක්වේ.

දිනය

වේලාව

අංශය

 2012 මැයි 25

සවස  5.00

නාවුක ප්‍රවාහන ආශ්‍රිත රෙගුලාසි පිළිබඳ හමුව

 2012 ජුනි 01

සවස 4.30

හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය සමග හමුව

 2012 ජුනි 07

සවස 4.30

ශ්‍රි ලංකාවේ රූපලාවන්‍ය ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ හමුව

 2012 ජුනි 08

සවස 4.30

ඇගලුම් ක්ෂේත්‍රය සමග හමුව

 2012 ජුනි 12

සවස 4.30

“ආසිකුඩා වර්ල්ඩ්” (රේගු දෙපාර්තමේන්තුව) පිළිබඳ ප්‍රගති සමාලෝචනය

 2012 ජුනි 14

සවස 4.30

තොරතුරු තාක්ෂණ  ක්ෂේත්‍රය සමග හමුව

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ හමුව 2012 ජූලි මාසයේ පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳ වැඩි විස්තර දු. ක. 2438941 අමතා ලබාගත හැකිවේ

 

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායක හමුව

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ව්‍යපාර සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමටත් ඔවුන් සතු ව්‍යපාර සවිබල ගැන්වීමේ අරමුණින් විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ආර්ථීක සංවර්ධනය පිළිබඳ වූ ජාතික සභාව (NCED) සැලසුම් කර තිබේ.

ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් මුහුණ දෙන ව්‍යාපාරික ගැටළු වලට තිරසාර හා කඩිනම් විසඳුම් ලබාදීම සඳහා භාණ්ඩාගාර ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සෑම දෙමසකට වරක් විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු  යොදා ඇත.

ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සමුළුවක් 2012 මැයි මස 10 දින ප.ව. 2.00 ට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජ‍යසුන්දර මහතාගේ  ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ  ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

 

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශ 2011 වාර්ෂික වාර්තාව මැයි 24 දා

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ 2011 වර්ෂය සදහා වන වාර්ෂික වාර්තාව 2012 මැයි මස 24 දින වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 2003 අංක 03 දරණ මුල්‍ය කළමනාකරණ (වගකීම) පණතේ 13 වන වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබේ.

 

වාහන මිලදී ගැනීම සදහා මාධ්‍යවේදීන්ට පොලී රහිතව ණය ලබාදීමේ 2012 අයවැය යෝජනාව ක්‍රියාත්මකයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්‍ට, කලාකරුවන්ට සහ ලේඛකයින්ට මෝටර් රථ මිලදී ගැනිම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ සුබසාධනය සඳහා අරමුදලක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමා විසින් 2012 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට හා ලේඛකයින්ට කාර් හෝ වෑන් රථ මිලදීගැනීම සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ 12 ක උපරිම ණය මුදලක් රාජ්‍ය බැංකු මගින් ලබාගත හැකි අතර, වාහනයේ වටිනාකම රුපියල් ලක්ෂ 12 ඉක්ම වන්නේ නම් එම හිඟ මුදල සාමාන්‍ය පොලී අනුපාත යටතේ අදාළ රාජ්‍ය බැංකුවෙන්ම ලබාගත හැකිය. පොලී රහිතව ලබාදෙනු ලබන රුපියල් ලක්ෂ 12 දක්වා වූ ණය මුදල වෙනුවෙන් රාජ්‍ය බැංකු වෙත අයවිය යුතු පොලිය මහාභාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබාදෙනු ඇත.

 

ආනයනික කිරිපිටි බදු සංශෝධන කෙරේ

2011 වසරේ අයවැය යෝජනාවකට අනුව, දේශීය දියර කිරි ලීටරයක් මිළ දී ගන්නා සහතික මිළ රු. 50/- දක්වා ඉහළ දැමීම හා අනෙකුත් දිරිගැන්වීමි නිසා දේශීය දියර කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 1.6 දක්වා ඉහළගොස් ඇත. එසේ වුවද, රුපියල් බිලියන 36 ක මුදලක් වැයකරමින් කිරි පිටි මෙටි‍ට්‍රික් ටොන් 84,000 ක් පමණ ආනයනය කිරීම නිසා දේශීය කිරි නිෂ්පාදනය අතිරික්තයක් වී ඇත.  මේ නිසා කිරි ගොවීන් පත්වී ඇති අසීරු තත්ත්වය හේතු‍වන් දියර කිරි ඉවත දමන තත්ත්වයකට අද වන විට පැමිණ ඇත.  තවද, කිරි පිටි සදහා පවතින මිල තුල දියර කිරි සදහා පවත්නා ඉල්ලුමද ප්‍රමාණවත් නැත.

මේ අතර දේශීය දියර කිරි අලෙවිය මන්දපෝෂණය බහුලව පවතින ප්‍රදේශවල ප්‍රචලිත කිරීමත්, වෙනත් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීමත් තුළින් දේශීය කිරි ගොවියාට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ඉඩ ප්‍රස්ථා සැලසිය හැක. විදේශ කිරිපිටි ආනයනය නිසා දියර කිරි මිලදී ගෙන ඒවා පාරිභෝගිකයින් අතර අලෙවි කිරීමට උනන්දුවක් ‍ ඇති නොවනු ඇත.

 

JPAGE_CURRENT_OF_TOTAL

චක්‍රලේඛන

 ඉන්ධන / විදුලි වියදම් කළමනාකරණය - NBC-156-2012-2012.02.16
 සහනදායි මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම-TTIPD/01(2)/2010-2012.02.13
 අභ්‍යන්තර පාලන ව්‍යුහය ඇගයීම සම්බන්ධ මාර්ගෝපදේශය-DMA/06
 2012 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය-NBC-155-2011.12.30
 2011.12.31 දිනට හිග ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම-tod-2011-05-sin-2011.12.30
 2011 වසර සඳහා මුදල් පොත පියවීම සහ අග්‍රිම ගිණුම් පියවීම
 රාජ්‍ය සංස්ථා සහ සම්පූර්නයෙන් රජය සතු සමාගම් වල සේවකයින්ට 2011 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම-msd-47-2011.12.22
 2012 අයවැය යෝජනා අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ව්‍යාපෘති කාර්ය මණ්ඩල දීමනා සංශෝධනය කිරීම-msd-46-2011.12.12
 2012 වසර තුලදී රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත මාසික ගිණුම් සාරාංශ මගින් ගිණුම් දත්ත සම්ප්‍රේෂණය කිරීම
 2012 අයවැය යෝජනා අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ව්‍යාපෘති කාර්ය මණ්ඩල දීමනා සංශෝධනය කිරීම.

"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික පරිසරය” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ,2012.03.22 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ දේශනය

ඉදිරි කාල සටහන

ප්‍රකාශන

  • image
  • image
  • image
  • image
අවසන් යාවත් කාලීනය
22-05-2012 07:54