Articles

“වැඩසටහන් නිලධාරී සේවා”ව්‍යවස්ථාව නිකුත්වේ.

රාජ්‍ය සේවයේ විවිධ සංවර්ධන කාර්යයන් සඳහා බඳවා ගන්නා ලද උපාධිධාරීන් සඳහා “වැඩසටහන් නිලධාරී සේවා ව්‍යවස්ථාව”ලෙසට පොදු සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ඇත. එසේම ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන උපාධිධාරීන් සඳහාද මෙම ව්‍යවස්ථාව බලපවත්වනු ඇත.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය මත 1994 සිට සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වනදින (2011 අගොස්තු 01) දක්වා කාලය තුළ විවිධ තනතුරු නාම යටතේ රාජ්‍ය සේවයට බඳවාගත් සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය මත MN4-2006(A)වැටුප් ක්‍රමය ලබා දී ඇති නිලධාරීන් මෙම සේවයට අන්තර්ග්‍රහණය කිරීමට විධිවිධාන මෙම ව්‍යවස්ථාවේ ඇතුළත් කර ඇත.

මෙම සේවා ව්‍යවස්ථාව සැකසීම තුළින් රාජ්‍ය අංශයේ සේවයේ නියුක්ත උපාධිධාරීන්ගේ  දිගුකාලයක් තිස්සේ නොවිසඳී තිබුණු සේවා ප්‍රශ්ණ බෙහොමයකට ස්ථිරසාර විසඳුම් ලැබෙනු ඇත.

You are here: Home