රජය රසායනික පොහොර ආනයනය කිරීමට යන බවට පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙනි

 නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් බව කියමින්, රසායනික පොහොර ආනයනය කිරීමට රජය සුදානම් බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැත.


මෙම ප්‍රචාරය, රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට දරන ප්‍රයත්නයකි. එයට කිසිසේත්ම ඉඩ නොතබන බව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
වකුගඩු ආබාධ, පිලිකා ආදී මාරාන්තික රෝග රැසකට හේතු වන රසායනික පොහොර භාවිතය ඉවත් කිරීමට රජය ගෙන යන මානුෂිය ක්‍රියාමාර්ගයට අකුල් හෙලීම සඳහා ගෙන යන මෙම මඩ  ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසි ලැබූ පාර්ශවයන්ගේ කුඨ  ව්‍යාපෘතියකි.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමට අදාළ පියවර ගනිමින් සිටින මේ අවස්ථාවේ එම අරමුණ විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව පෙන්වා දෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදාකරමින් ඔවුන් බලාපොරොත්තු ඉටු කිරීම සිය අපේක්ෂාව බව සඳහන් කරයි.

මෙවැනි මඩ ප්‍රචාරවලින් සිදු වන්නේ රටට සේවය කිරීමේ සිය අධිෂ්ටානය තව දුරටත් ශක්තිමත් වන බවද මුදල් අමාත්‍යතුමා අවධාරණය කරයි.

2021_07_10 රසායනික පොහොර ආයනයන කරන බවට වූ අසාත්‍ය ප්‍රචාරය ස...