ජපානය, නෙදර්ලන්තය, මැලේසියාව ඇතුළු රටවල් 06 ක තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවෙති...

අංශ පහක් යටතේ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහය ලබා දීමට ජපානය සූදානම්.

මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අංශ පහක් යටතේ අඛණ්ඩව සහය ලබාදීමට තම රජය කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira  Xugiyam මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා (2021.07.29) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී .

ජපන් රජයේ ආයෝජන මත මේ වන විට ශ්‍රී ලංකාවේ  සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව පවතී. නව කැලණි පාලම් ව්‍යාපෘතිය සහ බණ්ඩාරනායක ගුවන්තොටුපළ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතිය ඒ යටතේ ක්‍රියාත්මක ය.

ඉදිරියේ දී පුනර්ජනනීය බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහ කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ද ආධාර ලබා දීමට තම රට කැමැත්තෙන් පසුවන බව ජපන් තානාපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ පවසා සිටියේ .

 

[වැඩි දුර කියවීම සඳහා ඇමුණුම බාගත කරන්න.]