2022 වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම

2022 වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණ. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු සියලු දෙපාර්තමේන්තු නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.