අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව ගරු මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රජය විසින් වී මිලදී ගැනීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් 2020/2021 මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කෙරේ. ගොවියාට විශේෂ වරප්‍රසාදයක් ලබා දීමේ අරමුණින් ආරම්භ කරන ලද තෙතමනය සහිත වී මිලදී ගැනිමේ ක්‍රියාවලිය මෙම මහ කන්නයේ ද එලෙසම ක්‍රියාත්මක කරනු ලබන අතර සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් ගොවීන්ගෙන් මිලදී ගන්නා මිල ද මෙම කන්නයේදී රු. 2 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය හරහා වී මෙ.ටො. 300,000 මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා මේ වන විටත් මහා භාණ්ඩාගාරය විසින් රු.මි. 16,655 ක මුදලක් සම්පාදනය කර තිබේ.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා නියම කර ඇති සහතික මිල ගණන් මෙසේ ය.
දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන්ගේ මෙහෙයවීම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති හරහා වී මිලදී ගැනීමේ වැඩසටහන 2020/2021 මහ කන්නය සදහා ද පෙර පරිදිම ක්‍රියාත්මක කරනු ලබන අතර මේ සඳහා පළමු පියවර ලෙස රු.මි. 2,000 ක් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විටත් ලබා දී ඇත.
තවද, දැනට සම්පූර්ණයෙන්ම පාහේ අක්‍රීය තත්වයේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නඟා සිටුවීම පිණිස ඔවුන් වෙත වී මිලදී ගැනීම සඳහා ඔඩපණ ණය (Pledge Loans) අරමුදල් රාජ්‍ය බැංකු මඟින් ලබා දීමට රජය පියවර ගෙන ඇත. මෙහිදී, සුළු හා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ ආයෝජන ණය අක්‍රීය ගණයේ පැවතිය ද ඔවුන් හට ඔඩපණ ණය පහසුකම් ලබා ගත හැකිය.
අසේල බණ්ඩාරනායක,
ගරු මුදල් අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්