රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර

රාජ්‍ය සේවයකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින කොවිඩි වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි. 

මුදල් අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතුතිමාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට නිකුත් කර තිබේ. 

ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට මැයි මසට අදාළ වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබා දෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරයි.  

 

 අසේල බණ්ඩාරනායක,
ගරු මුදල් අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

2021_05_18 රාජ්‍ය සේවක වැටුප්.pdf

TOD/CFM/PC/2021 - Circular