නව මුදල් අමාත්‍යවරයා ලෙස පත් වූ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

DSC_1319.JPG