ජපාන, තායිලන්ත සහ ඕමාන තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වෙති

ජපාන තානාපති Mizukoshi Hideaki, තායිලන්ත තානාපති Poj Harnpol, සහ ඕමාන තානාපති Jumad Hamdan Hassan Al Shehhi යන මහත්වරු අද (29) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ.

මුදල් අමාත්‍යාංශයේ පැවැති මෙම හමුවේ දී ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු අතර එහි දී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් එම රටවල් දැක් වූ සහය අගය කරන බවයි.

විශේෂයෙන් ම වසංගත තත්ත්වයට මුහුණ දෙමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ දරන අවස්ථාවේ නව විදේශ ආයෝජන ලබා ගැනීම කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී තානාපතිවරුන් හමුවේ වැඩි දුරටත් පැවැසීය.

 

මාධ්‍ය ඒකකය,

මුදල් අමාත්‍යාංශය.