රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය

පසුබිම

2024 ජුනි 18 වන දින සම්මත කරන ලද, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත (රා.ණ.ක.පනත), 2024 නොවැම්බර් 25 වන දින සිට බලාත්මක වන බව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව,  2024 දෙසැම්බර් 02 වන දින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය  ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද අතර ලදී.  සිය මෙහෙයුම් කටයුතු වලදී  ස්වාධීන ව  හැසිරිය හැකි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව රා.ණ.ක.පනත මගින් ස්ථාපනය කර ඇත. ණය කළමනාකරණ කාර්යාලය, රජයේ ණය කළමනාකරණය ශක්තිමත් කිරීම හා මධ්‍යගතකරණය, රාජ්‍ය ණය සම්බන්ධ තොරතුරු බෙදා හැරීම තුළින් වගවීම සහ ණය විනිවිදභාවය වැඩිදියුණු කිරීම, හා ණය තිරසාරභාවය සහ රටේ දිගුකාලීන මූල්‍ය සෞඛ්‍යය සඳහා අත්‍යවශ්‍ය වන කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු ණය ගැනීමේ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සහතික කරයි.

දැක්ම

"විශ්වාසනීය, කාර්යක්ෂම සහ විනිවිදභාවය සදහා සන්නාම ලත් රාජ්‍ය ණය කළමනාකරණයක ගෝලීය පරමාදර්ශය වීම."

මෙහෙවර

"ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය අරමුණු වලට සාරානුකූලව, මූල්‍යකරණ පිරිවැය අවම කරමින් හා විචක්ෂණශීලී අවදානම් මට්ටමක් සහතික කරමින්, රජයේ ණය ගැනීමේ අවශ්‍යතා උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම”

 

අරමුණු

> මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සහ ණය ගෙවීමේ වගකීම් කාලානුරූපී ව  පියවීම.

> මධ්‍ය කාලීන සිට දිගු කාලීන දක්වා වන කාලය තුළ විචක්ෂණශීලී අවදානම් මට්ටමකට අනුකූලව, හැකිතාක් අවම පිරිවැයක් යටතේ ණය ගැනීම.

> දේශීය ණය සුරැකුම්පත් වෙළඳපොළ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.