රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

වගකීම්

වගකීම්

 1. රාජ්‍ය ව්‍යවසායන්වල පාලනය වැඩිදියුණු කිරීම (වාණිජ සංස්ථා, රජය සතු සමාගම් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල).

2. ඉලක්ක සහ අරමුණු ඵලදායි  ලෙස සාක්ෂාත් කරගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්වල සම්පත් කාර්යක්ෂම සහ සකසුරුවම් ලෙස උපයෝගී කරගැනීම සහතික කිරීම.

3. මූල්‍ය වෙළඳපොළවල්හි ස්ථාවරභාවය සහතික කිරීම සඳහා වෙළඳපොළ ද්‍රවශිලතා තක්සේරු කිරීම් සිදුකිරීම සහ මුදල් වෙළඳපොළ තත්ත්වයන් නියමිත කාලාන්තරවල දී අධීක්ෂණය කිරීම.

4. මූල්‍ය විනය බලාත්මක කිරීමේ අරමුණැතිව  රාජ්‍ය ව්‍යවසායන්ට අදාළව මූල්‍ය කළමනාකරණය, ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ මෙහෙයුම් ගැටලු සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම හා නිකුත් කිරීම සහ ඒ සඳහා අනුකූලතාවය අධීක්ෂණය කිරීම.