New Strategies to Accelerate the Implementation of Development Projects

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමේ නව උපායමාර්ගයන්

රටෙහි පවතින ආර්ථික හා මූල්‍ය අස්ථාවරත්වය හමුවේ විවිධ හේතූන් මත සංවර්ධන ව්‍යාපෘතිවල  කාර්යසාධනයෙහි සැලකිය යුතු පසුබෑමක් පවතින බව 2022 වර්ෂය තුල දී වාර්තා වී ඇත. මෙම තත්ත්වය යටතේ රජයේ ප්‍රමුඛතාවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිලාභ මහජනතාවට ලබා දීම ප්‍රමාදවීම ප්‍රධාන ගැටළුවක් වී ඇති බැවින් සංවර්ධන ව්‍යාපෘතිවල ගැටළු කඩිනමින් නිරාකරණය කරමින් සුමට ක්‍රියාකාරීත්වයක් තහවුරු කිරීමේ නව උපායමාර්ගයක අවශ්‍යතාවය කෙරෙහි රජයේ අවධානය යොමු විය. ඒ අනුව, 2022.09.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණය හා වේගවත් කිරීම සඳහා පහත නිලධාරින්ගෙන් සමන්විත“මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ (RAMP)” කමිටුව පත් කරන ලදී.