අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)

අභ්‍යන්තර කටයුතු ඒකකය

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකයක්!

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව ජනාධිපති ලේකම් කාර්‍යාලය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර ඇති, "සියලු රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩපිළිවෙළ" හා සමගාමීව මේ වන විට අප අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව අප අමාත්‍යාංශයේ යම් අක්‍රමිකතාවයක්, දූෂණයක් හෝ වංචාවක් ඔබ දැනුවත්ව සිදුවන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳව තොරතුරු/පැමිණිලි අප අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පහත ක්‍රමවේදයක් ඔස්සේ දැනුම්දිය හැකිය.

 අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථානගත කොට ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීම  

 "අභ්‍යන්තර කටයුතු ඒකකය",
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය,
කොළඹ 01
යන ලිපිනයට තැපැල් මාර්ගිකව යොමු කිරීම  

 infoiau@mo.treasury.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත දැනුම් දීම  

 011-2484524 / 011-2484525 දුරකථන අංක වෙත දැනුම් දීම  

 077 9973081 අංකයට වට්ස්ඇප් මාර්ගිකව දැනුම් දීම 

තවද අප අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති

 > ශ්‍රී ලංකා රේගුව
 > සුරාබදු දෙපාර්තමේන්තුව
 > දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
 > තක්සේරු දෙපාර්තමේන්තුව
 > ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
 > ආනයන හා අපනයන දෙපාර්තමේන්තුව

යන ආයතන වලද මේ වන විට අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා ඇති බැවින් දැන් ඔබට එම ආයතනයන්ට අදාළ පැමිණිලි එකී ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක වෙත යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇත.

දූෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක් ඉටුකරලීම අපගේ අරමුණයි!