අභිමතාර්ථ
1. වෙළඳ ප්‍රවර්ධන සහ කර්මාන්ත හිතකාමී තීරුබදු ක්‍රමයක් පවත්වා ගැනීම
2. වෙළඳාම පහසු කිරීමේ දර්ශකය සඳහා පහසුකම් සැලසීම පිණිස වෙළඳාම සඳහා පහසුකම් සැලසීමේ පියවර සම්බන්ධයෙන් ප්‍රතිපත්ති පවත්වා ගෙන යාම.
3. වෙළඳ ගිවිසුම් යටතේ තරඟකාරී වාසි ලැබෙන පරිද්දෙන් තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම
4. රජයේ ආර්ථික හා සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බදු සහන ක්‍රියාත්මක කිරීම
5. මෙම කලාපය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම.
අරමුණු
1. වෙළඳ කටයුතු ප්‍රවර්ධනය හා කර්මාන්ත සඳහා හිතකාමී මනා තීරුබදු ක්‍රමයක් ඇති කිරීම.
2. ආයෝජන අධෛර්යමත් කරන තීරුබදු සීමා ඉවත් කිරීම
3. අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය කිරීම් (TIEP) යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම.
4. බන්ධිත ගුදම් සම්බන්ධිත ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම
5. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ සංවාද සංවිධානය කිරීම.
6. සේවාලාභී හිතකාමී දත්ත පද්ධතියක් ඔස්සේ අවශ්‍ය තොරතුරු සැපයීම මඟින් ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීම.
7. රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී පදනම මත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු විධිමත් කිරීම.
8. මෙරට වෙළඳ ආර්ථිකයේ අසමමිතික ස්වභාවය තුළ අන්‍යෝන්‍ය ප්රතිලාභ මත පදනම් වූ නිදහස් වෙළඳ ගිවිසුම් ප්‍රවර්ධනය කිරීම.
9. ගෝලීය අගයදාම වෙළඳාම/කර්මාන්ත සඳහා ප්‍රවේශය සලසන නිදහස් වෙළඳ ගිවිසුම් ප්‍රවර්ධනය කිරීම.