පසුබිම
2024 ජුනි 18 වන දින සම්මත කර 2024 නොවැම්බර් 25 වන දින සිට බලාත්මක වූ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත (PDMA) බලාත්මක කිරීමෙන් පසුව, 2024 දෙසැම්බර් 02 වන දින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) ස්ථාපිත කර මෙහෙයුම් ආරම්භ කරන ලදී.මෙහෙයුම්මය වශයෙන් ස්වාධීන කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා මෙම පනත නීතිමය රාමුවක් සපයයි.
මෙය රජයේ ණය කළමනාකරණය ශක්තිමත් කර මධ්‍යගත කරයි, රාජ්‍ය ණය ආශ්‍රිත තොරතුරු බෙදා හැරීම හරහා වගවීම සහ ණය විනිවිදභාවය වැඩි දියුණු කරයි, සහ ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සහ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය වන කාර්යක්ෂම හා විනිවිද පෙනෙන ණය ගැනීමේ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සහතික කරයි.
දැක්ම
විශ්වාසනීයත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය සඳහා පිළිගත්, ගෝලීය තලයේ රාජ්‍ය ණය කළමනාකරණය සඳහා ආදර්ශයක් වීම.
මෙහෙවර
රජයේ ණය ගැනීමේ අවශ්‍යතා උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම, මූල්‍යකරණ පිරිවැය අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය අරමුණු සමඟ සමපාත වන පරිදි විචක්ෂණශීලී අවදානම් මට්ටමක් සහතික කිරීම.
අරමුණු
• කාලෝචිත පදනමක් මත මූල්‍යකරණ අවශ්‍යතා සහ ණය ගෙවීමේ බැඳීම් සපුරාලීම.
• විචක්ෂණශීලී අවදානම් මට්ටමට අනුකූලව මධ්‍ය කාලීන සිට දිගු කාලීනව හැකි තරම් අඩු පිරිවැයකින් ණයට ගැනීම.
• දේශීය ණය සුරැකුම්පත් වෙළඳපොළ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම