රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය

වගකීම්

ප්‍රධාන වගකීම්

* රජයේ ණය කළමනාකරණය

*  ණය ඇපකර නිකුත් කිරීම සහ කළමනාකරණය

* උපණය දීමේ මෙහෙයුම් කළමනාකරණය

*  රාජ්‍ය ණය වාර්තාගත කිරීම සහ වාර්තා කිරීම

 

කාර්යයන්

* Preparation and publication of

     > මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය

     > වාර්ෂික ණය ගැනීමේ සැලැස්ම; සහ

     > ආණ්ඩුවේ සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වන වෙන්දේසි දින දර්ශනය  සකස් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම;

* ආණ්ඩුවේ දේශීය හා විදේශීය ණයට ගැනීම්, අනෙකුත් ණය විධිවිධාන සහ ණය කළමනාකරණ කටයුතු වලට අදාල මූල්‍යමය නියම සහ කොන්දේසි පිළිබද සම්මුති සාකච්ඡා පැවැත්වීම සහ ක්‍රියාත්මක කිරීම.

* මූල්‍ය වෙළඳපොළවල් සදහා ප්‍රවේශය ලබා ගැනීම සහ එහි ප්‍රවේශය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විය හැකි සබඳතා පවත්වා ගැනීම.

* භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් විෂය භාර දෙපාර්තමේන්තුව සමඟ මුදල් ප්‍රවාහ කළමනාකරණය සම්බන්ධයෙන් වන ණය මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම.

* ණය හා සම්බන්ධ වගකීම් කළමනාකරණ මෙහෙයුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

* ණය ඇපකර සහ උපණය දීමේ මෙහෙයුම්වල ණය අවදානම තක්සේරු කිරීම සදහා  සහ ඒවායේ ණය අවදානම් අවම කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් උපදෙස් දීම.

* රාජ්‍ය ණය, ණය ඇපකර, උපණය දීම, සැපයුම්කරුගේ ණය සහ මූල්‍ය කල්බදු වාර්තාගත කිරීම, වාර්තා කිරීම, ප්‍රචාරණය කිරීම සහ පළ කිරීම.

* කාලීනව ආණ්ඩුවේ ණය සේවාකරණය සිදු කිරීම.

* ආණ්ඩුවේ පවතින ණය සහ පුරෝකථනය කරන ලද ණය යන දෙවර්ගයම මත පදනම්ව ණය සේවාකරණය  සම්බන්ධ පුරෝකථනයන් සකස් කිරීම.