වගකීම් සහ කාර්යයන්
වගකීම්
• රජයේ ණය කළමනාකරණය
• ණය ඇපකර නිකුත් කිරීම සහ කළමනාකරණය
• ප්‍රති ණය දීමේ මෙහෙයුම් කළමනාකරණය
• රාජ්‍ය ණය සටහන් කිරීම සහ වාර්තා කිරීම
කාර්යයන්
• මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය, වාර්ෂික ණය ගැනීමේ සැලැස්ම සහ, රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම
සඳහා වන වෙන්දේසි දින දර්ශනය සකස් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම.
• රජයේ දේශීය හා විදේශීය ණයට ගැනීම්, අනෙකුත් ණය විධිවිධාන සහ ණය කළමනාකරණ කටයුතු වලට අදාල
මූල්‍යමය නියම සහ කොන්දේසි පිළිබද සම්මුති සාකච්ඡා පැවැත්වීම සහ ක්‍රියාත්මක කිරීම.
• මූල්‍ය වෙළඳපොළවල් සදහා ප්‍රවේශය ලබා ගැනීම සහ එහි ප්‍රවේශය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විය හැකි සබඳතා
පවත්වා ගැනීම.
• භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් විෂය භාර දෙපාර්තමේන්තුව සමඟ මුදල් ප්‍රවාහ කළමනාකරණය
සම්බන්ධයෙන් වන ණය මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම.
• ණය හා සම්බන්ධ වගකීම් කළමනාකරණ මෙහෙයුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
• ණය ඇපකර සහ උපණය දීමේ මෙහෙයුම්වල ණය අවදානම තක්සේරු කිරීම සදහා සහ ඒවායේ ණය අවදානම්
අවම කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් උපදෙස් දීම.
• රාජ්‍ය ණය, ණය ඇපකර, උප ණය දීම, සැපයුම්කරුගේ ණය සහ මූල්‍ය කල්බදු වාර්තාගත කිරීම, වාර්තා කිරීම,
ප්‍රචාරණය කිරීම සහ පළ කිරීම.
• රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුකුලව, කාලීනව රජයේ ණය සේවාකරණය සිදු කිරීම.
• රජයේ පවතින ණය සහ පුරෝකථනය කරන ලද ණය යන දෙවර්ගයම මත පදනම්ව ණය සේවාකරණය සම්බන්ධ
පුරෝකථනයන් සකස් කිරීම.