කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය

වගකීම්

පරමාර්ථ:

(i)

රජයේ (රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන) මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය

 

අ.

සියලුම මූල්‍ය නොවන වත්කම් වාර්තා කිරීම සඳහා යාවත්කාලීන කල විස්තීර්ණ මධ්‍යගත දත්ත පද්ධතියක් (මාර්ගගත දත්ත පද්ධතියක් සහිතව) සහ වත්කම් කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.

 

ආ.

මූල්‍ය නොවන වත්කම් ඵලදායී හා කාර්යක්ෂම උපයෝජනය තුළින් රජයේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම.

 

ඇ.

මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම නිවැරදිව වාර්තා කිරීම තහවුරු කිරීම.

 

ඈ.

මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය පිළිබඳ නායකත්ව සහ භාරකාර භූමිකාව ඉටුකිරීම.

(ii)

රජයේ ආයතන සතු ප්‍රාග්ධන වත්කම් විකිණීම්වලින් ලැබිය යුතු ආදායම එකතු කිරීම.

ප්‍රධාන ක්‍රියාවන්:

රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය

 

අ.

සියලුම මූල්‍ය නොවන වත්කම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම හා ලේඛනගත කර පවත්වාගැනීම සඳහා (වත්කම්වල වටිනාකම සහිතව වාර්තා කිරීමට හැකිවන පරිදි) යාවත්කාලීන කල විස්තීර්ණ මධ්‍යගත දත්ත පද්ධතියක් (මාර්ගගත දත්ත පද්ධතියක් සහිතව) පවත්වාගැනීම සහ වත්කම් කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.

 

ආ.

මූල්‍ය නොවන වත්කම් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කිරීම හා වියදම් කළමනාකරණය සඳහා රජයේ දේපල අනිසි කළමනාකරණය, නාස්තිය හා විනාශ වීමට ඉඩහැරීම වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම:

 

රජයේ ආයතන සතු ප්‍රාග්ධන වත්කම් විකිණීම් ආදායම සඳහා ආදායම් ගණන්දීමේ නිලධාරී ලෙස කටයුතු කිරීම.