රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය

පුවත්

* 2025 ජුනි 04 දින කාර්‍ය පටිපාටි අත්පොත සැකසීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දුත මණ්ඩලයක් මෙරටට පැමිණි අතර රාජ්‍ය ණය කලමනාකරණ කාර්‍යාලයේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලදී.
 
* රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 2025 වර්ෂයේ 1 වන කාර්තුව සඳහා කාර්තුමය සංඛ්‍යානමය ණය ප්‍රකාශනය 2025 මැයි මස 30 වන දින නිකුත් කරන ලදී.
 
* 2025 මාර්තු 17 සහ 28 අතර කාලය තුළ ආයෝජන සබඳතා සහ සන්නිවේදන ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දුත මණ්ඩලයක් මෙරටට පැමිණි අතර රාජ්‍ය ණය කලමනාකරණ කාර්‍යාලයේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලදී.
 
*  2025 ජනවාරි 20 සහ 29 අතර කාලය තුළ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දුත මණ්ඩලයක් මෙරටට පැමිණි අතර රාජ්‍ය ණය කලමනාකරණ කාර්‍යාලයේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලදී.
 
* රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 2025-2029 සඳහා එහි පළමු මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2025 සඳහා වාර්ෂික ණය ගැනීමේ සැලැස්ම නිල වශයෙන් එළිදක්වන ලද අතර, එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය සහ ප්‍රශස්ත කිරීම සඳහා දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
 
* රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් රාජ්‍ය ණය කළමනාකරණ පනතේ නියම කරන ලද පරිදි 2024 දෙසැම්බර් මාසයේ සිට කාර්තුමය සංඛ්‍යානමය ණය ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේය. 2024 වර්ෂයේ 4 වන කාර්තුව සඳහා කාර්තුමය සංඛ්‍යානමය ණය ප්‍රකාශනය 2025 පෙබරවාරි 28 වන දින නිකුත් කරන ලදී.
 
* 2024 නොවැම්බර් 25 වන දින සිට බලපැවැත්වෙන 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත (PDMA) ට අනුකූලව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) 2024 දෙසැම්බර් 02 වන දින පිහිටුවන ලදී. (සබැඳිය)